LG සමාගමේ අලුත්ම LG G4 ගැන හෝඩුවාවක්
LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූර් වගේ රටවල පැවැත්වෙන උත්සවයට ආරාධනාපත් පවා නිකුත් කරලා. ඉහතින් දැක්වෙන්නේ ඒ ආරාධනා පත්‍රයයි.
පසුගිය වසරේ මැයි මාසයේදී මේ වගේම ආරාධනාපතකින් ආරාධන කල උත්සවයේදී තමයි LG G3 ජංගම දුරකථනය එළිදැක්වුනේ. කෙසේ වෙතත් මේ ආරාධනා පත්‍රයේ දැක්වෙන ආකාරයට නම් නව G4 ජංගම දුරකථනයේ බාහිර පෙනුම බොහෝවිට ලෙදර් පෙනුමක් ගැනීවි යැයි සිතන්නට පුළුවන්. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලයට අහම්බෙන් මුදාහැර තිබූ ඡායාරූප වලනම් LG G4 දුරකථනයේ පෙනුම G3 හි පෙනුමට ආසන්න පෙනුමක් ලෙසයි දකින්න ලැබුනේ.

මේ තියෙන්නේ දැනට වාර්තාවෙලා තියෙන විදියට මේ ජංගම දුරකථනයේ Specs.

මේ කොහොම වුනත් අපිත් සූදානම් LG G3 වල වගේම LG G4 වල review එකක් හැකි ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න.