Wednesday, April 8, 2015

E-mail යනු කුමක්ද?

    
                    අද වන විට බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත අංගයක් ලෙස ඊමේල් සේවාව ගැන නොදන්නා කරුණු බොහොමයක් ගැන අද පරිගණක පිටුවෙන් කියලා දෙනවා.

        අන්තර්ජාලයේ email මගින් පණිවිඩ යැවීමට අද බොහෝදෙනෙක් උනන්දු වෙති.ඊමේල් පණිවිඩ යනු පරිගණකයෙන් සකස් කළ ලේඛනයක් එක් පරිගණයක සිට තවත් පරිගණකයක් වෙත යැවිය හැකි මාධ්‍යයකි.මෙහිදී අන්තර්ජාලය උපයෝගී කරගන්නා අතර පණිවිඩය යවන්නාට හා ලබන්නාට වෙන් වෙන්ව සංකේත කළ email ලිපිනයන් පැවතිය යුතුය.ඊමේල් මගින් යතුරු පුවරුවෙන් සකස් කළ ලිපි මෙන්ම ඡායාරූප,ශබ්ද,වීඩියෝ,මෘදුකාංග ආදී විවිධ දේ හුවමාරු කරගත හැකිය.එකම ඊමේලය එක් අයකුට හෝ විශාල පිරිසකට එකවර යැවීමටද හැකිය.පණිවිඩය නිකුත් කරන වේලාවේ ඊමේලය ලබන්නා තමන්ගේ ඊමේල් බලන පිටුවට ගොස් සිටිය යුතු නැත.පැමිණි ඊමේලයක් දිගු කලක් යනතුරු රඳවා තබා ගත හැකිය. ඊමේලයක් ලැබුණ විට එය එව්වේ කවුද කවර වේලාවකද මාතෘකාව කුමක්ද ආදිය සටහන් වන අතර එය නරඹා අවශ්‍ය නම් එතැනම ප‍්‍රති උත්තර යැවීමට හෝ එය තවත් අයට බලාගන්නට හරවා යැවීමේ හැකියාවද පවතී.

ඊමේල් යැවීමේ තාක්‍ෂණය කුමක්ද?


වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ ඊමේල් යවන ප‍්‍රධාන ක‍්‍රම 3ක් තිබේ.
  1. වෙබ් අඩවි ආශ‍්‍රිත ඊමේල්
  2. PoP-3
  3. අයි-මැප්

වෙබ් අඩවි ආශ‍්‍රිත ඊමේල් බොහෝ දෙනෙකු අතර ප‍්‍රචලිත Yahoo-Gmail-Hotmail ආදිය මේ ගණයට අයත්ය.නොමිලේ ලියාපදිංචි වීමෙන් පසු ඊමේල් ගොනුවට තමන් යෙදූ නම හා රහස්පද යෙදීමෙන් සුරක්‍ෂිතව ඇතුළුවිය හැකිය.

පොප්-3 හා අයි-මැප්

  මෙම email විශේෂයන් දෙක වැඩි වශයෙන් භාවිතයට ගන්නේ, කිසියම් ආයතනයක නම ඇට් සංකේතයෙන් පසුව අගට යොදා ඇති ඊමේල් ලිපින සඳහාය.මෙහිදී එම ආයතනය විසින්ම මුදල් ගෙවා අන්තර්ජාලය තුළ වෙන් කරගත් සර්වරයක සහාය ලබාගෙන ඊමේල් යැවීම/ලැබීම සිදු කරනු ලබයි. මෙම ඊමේල් හැසිරවීම සඳහා පරිගණකයේ ස්ථාපනය කළ අවුට්ලූක් එක්ස්ප‍්‍රස් වැනි මෘදුකාංගයක සහාය ලබා ගත යුතු අතර අදාළ නම් හා රහස් පද එක්වරකදී එම මෘදුකාංගයට ඇතුළු කරගත් පසු email බලන සෑම වාරයකදීම ඒවා ඇතුළු කිරීමට අවශ්‍ය නොවේ.

   PoP-3 ක‍්‍රමයේදී email ලැබුණු විගස සර්වරයෙන් අදාළ ඊමේලය පරිගණකය වෙත හරවා එවන අතර සර්වරයෙන් එය ඉවත් කර ගනී.අයි-මැප් ක‍්‍රමයේදී එසේ ඉවත් කර නොගෙන සර්වරයේ තිබෙන ඊමේලයේ කොපියක් පමණක් පරිගණකයට පිටපත් කර ගනී. මෑතක සිට පොප්-3 හා අයි-මැප් පහසුකම Gmail මගින්ද ලබා දෙයි.
    ඊමේල් තාක්‍ෂණික සීමා කම් එක් එක් email සපයන්නන් අනුව ඊමේල් යැවීමේදී ඒවායේ අන්තර්ගතයේ බර(බයිට්ස් ගණන) සීමාවන්ට යටත්වෙයි.එසේම එකවර යැවිය හැකි ඊමේල් ලිපින ගණනද සීමා සහිත වෙයි.එසේම සමහර ඊමේල් සපයන්නන් ආරක්‍ෂාව සලකා ඇතැම් ෆයිල් වර්ග හුවමාරුව සඳහා ඉඩ නොදෙයි(මෘදුකාංග ආදිය) එමෙන්ම එක් ලිපිනයක් හිමි කරුවෙකුගේ ඊමේල සියල්ල තැන්පත් කිරීම සඳහා ලබාදෙන ඉඩකඩද සීමාවන්ට යටත් වෙයි. මෙම සීමාවන් සඳහා උදාහරණ Gamil 

  1. උපරිම එක් ඊමේලයක බර - මෙගා බයිට් 10
  2. එකවර යැවිය උපරිම ඊමේල ගණන - 100
  3. යැවිය නොහැකි ෆයිල් වර්ග-  exe උප නාමය ඇති මෘදුකාංග ෆයිල්
  4. මුළු ඊමේල් ගොනුවේ උපරිම තැන්පතුව-ගිගා බයිට් 7.2


ඊමේල් භාවිතාවේ ප‍්‍රයෝජන

  • ළගාවීමට පහසු නැති තැනකට ලිපියක් /බහුමාධ්‍ය අංගයක් යැවීමේ පහසුව.

  • කිසියම් ලේඛනයක මූලික මෘදු පිටපත යැවිය හැකිවීම නිසා එය ලබන්නාට අවශ්‍ය පරිදි සංස්කරණයට ඉඩ ලැබීම.
  • බහුමාධ්‍ය අංග රැසක එකතුවක් එකවර යැවිය හැකි නිසා යම් ප‍්‍රකාශනයක් වඩා ප‍්‍රබල ලෙස කළ හැකිවීම
  • ඊමේල අතර සාකච්ඡාවන් ගොඩනැගීමට අවස්ථාව සැලසීම.
  • ලැබුණ ඊමේලයක් එක් අයකු තවත් අයටත් ඒ අය තවත් අය අතරත් බෙදාහැරීමට හැකිවීමෙන් පණිවිඩ පැතිරවීමේ මාධ්‍යයක් ලෙස ප‍්‍රයෝජනවත්ය.
  • ලැබුණ පණිවිඩ තැන්පත්වීම නිසා අවශ්‍ය වේලාවට යළි ලබාගත හැකි ලිපි ගොනුවක් ලෙස සංවිධානය කිරීමට ඇති හැකියාව.
  • කිසියම් සංගමයක නිල පණිවිඩ ලබාදීමේ සේවාවක් ලෙස පවත්වා යාමේ පහසුව.

ඊමේල් හා පුද්ගලිකත්වය

                  email පණිවිඩ යැවීමට බලාපොරොත්තුවන අයකු පළමුවෙන්ම තමන් නියෝජනය කරන ඊමේල ලිපිනයක් සකස් කරගත යුතුවෙයි.මෙම ක‍්‍රියාවලියේදී මේ වනවිට වෙනත් අයකු යොදා නොගත් ලිපින ලබාදීමට අදාළ ඊමේල් පහසුකම් සපයන්නන් වග බලාගනී.බොහෝවිට එම ලියාපදිංචියේදී පුද්ගලික දත්ත විමසන අතර වෙනත් අයකුට ඒවා වෙනස් කළ නොහැකි ලෙස මුර පද හා මුරපද ඉගි පවා විමසා සිටී.කෙසේ වෙතත් අපගේ ලිපිනය සහිත ඊමේලයක් යම් අයකු වෙත ලැබුණ විට එය එතැනින් තවත් තැනකට හරවා යැවීමකදී හෝ ලිපින ගණනාවක් සමග කොමාව යොදමින් අපගේ ලිපිනයද වෙත:- යන්නට පසුව යොදන අවස්ථාවකදී අප නොදන්නා බාහිර පුද්ගලයින් වෙත අපගේ ලිපිනය හෙළිදරව් වේ.එය පිටපත් කර ඕනෑම අයකුට අපට ඊමේල එවිය හැකිය.අන්තර්ජාලය තුළ සමහර වෙබ් අඩවි විවිධ කාරණා සඳහා සිදු කරන ලියාපදිංචි කිරීම් වලදීත් අපගේ ඊමේල ලිපිනය සැපයිය යුතු අතර එවැනි අවස්ථාවල එම අඩවි වලින් බාහිර පුද්ගලයින් අතටද ඊමේල ලිපින පිටපතක් යොමු වන අවස්ථා තිබේ. එවිට අපගේ කාරණාවට අදාළව පමණක් නොව ඇතැම් වෙනත් අලෙවිකරණ අරමුණු සඳහාද බාහිර ඊමේල් අපට ලැබේ.මෙම ඊමේල ස්පෑම් හෝ බල්ක් හෝ ජන්ක් යන නම් වලින් හඳුන්වනු ලැබේ.ඒවායින් බේරීමට අපහසු වන තත්වයක් මේ වනවිට ඇතිව තිබේ.සමහර ඊමේල් පහසුකම් සපයන්නන් ඒ වෙනුවෙන් වෙනම පෙරනයන්ද හඳුන්වාදී තිබේ.එයට අමතරව කරදරකාරී ඊමේල් ලිපින දන්නේ නම් ඒ නමින් එන ඊමේල් අවහිර කරවීමේ ක‍්‍රමද ඊමේල් පහසුකම් සපයන්නන් හඳුන්වාදී තිබේ.




ඊමේල් සමාජ කණ්ඩායම්-පුවත් හසුන්

      ඊමේල් යැවීම පුද්ගලික පණිවිඩයකට සීමා නොවී එමගින් පොදුවේ බෙදාහදාගත හැකි තොරතුරු,දැනුම,විනෝදය ලබාදීමේ ක‍්‍රමවේදයන් බිහිවීම සමග යාහූ ගූගල් වැනි ප‍්‍රමුඛ පෙළේ සේවා සපයන්නන් ඊමේල් කණ්ඩායම් ක‍්‍රමය හඳුන්වා දෙනු ලැබූ අතර එහිදී සිදුවන්නේ, තමන් කැමති විෂය පථයක් යටතේ ක‍්‍රියාත්මක වන ඊමේල් කණ්ඩායමකට තමන්ට ලියාපදිංචිවීමට හැකි වීමයි.මෙම කණ්ඩායමකට බැඳුන විට එම කණ්ඩායමේ නමට සාමාජිකයෙකු යවන ඊමේලයක් එකවර එම කණ්ඩායමේ සියල්ලන්ටම ලැබේ.එම ගණන දස දහස් ගණනක් විය හැකිය.එයට ප‍්‍රතිචාර තිබේ නම් එයද සියල්ලන්ටම කියවීමට ලැබෙන සේ ඊමේල් කළ හැකිය.අවශ්‍ය ඕනෑම විටක මෙම සාමාජිකත්වයෙන් ඉවත්වීමටද හැකි අතර මෙම කණ්ඩායම් ක‍්‍රමයම භාවිතා කරමින් ඇතැම් සංගම් ඔවුනගේ වාර ප‍්‍රකාශන ‘පුවත් හසුන්’ ලෙස යැවීමේ ක‍්‍රමද අරඹා ඇත.මේ වන විට අලෙවිකරණ ප‍්‍රචාරක මාධ්‍යයක් ලෙසද ඊමේල් කාණ්ඩ භාවිතයට ගැනෙයි.

    email ජිවිතයේ අංගයක් ලෙස අද වන විට දිනපතා උදෑසන තමන්ගේ ඊමේල් පරීක්‍ෂා කර බැලීම බොහෝ පිරිසකට කාර්යාලයීය අංගයක් බවට පත්ව තිබේ. ඇතැම් අය දවසේ අවස්ථා දෙක තුනකදීත් සමහරු ඊටත් වැඩි වාර ගණනකදීත් ඊමේල් පරීක්ෂා කරති.ඊමේල් මගින් සත්‍යය මෙන්ම අසත්‍යයද පැතිරවිය හැකිය.

   එහෙනම් යාලුවනේ ඔයගොල්ලො email ගැන නොදන්න කරුණු ගොඩක්  දැන ගන්න ඇති කියලා අපි හිතනවා. මේ ලිපිය වගේම තවත් හරවත් ලිපියක් රැගෙන නැවත හමුවෙමු. නිකන්ම යන්නේ නැතුව පොඩි comment එකකුත් දාලා යන්න හැකිනම් පමණක්...

Monday, April 6, 2015

ශ්‍රී ලංකාවේ හැදු Monkey Kingdom චිත්‍රපටය





ලංකාව පසුබිම් කරන්න හුඟ කාලයක පටන් විදේශීය සිනමානිර්මාණ බිහිවෙලා තියෙනවා.බ්‍රිජ් ඔෆ් රිවර් ක්වායි,ටෙම්පල් ඔෆ් ඩූම්,ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත පැරණී හොලිවුඩ් චිත්‍රපටයේ පටන් මැතකදී තිරගත වෙන්න තියෙන බොම්බේ වෙල්වට් බොලිවුඩ් නිර්මාණය දක්වා මෙරට පසුබිම්,පසුතල,විදේශීය නිර්මාණකරුවන් විසින්,විශාල වශයෙන් භාවිතා කරනු ලැබුවා.


මෙවර ඔවුන් මෙරට පසුබිම්,දර්ශන තල හා මෙරට ස්වභා සෞන්දර්ය භාවිතා කරලා අලුත් නිර්මාණයක් කරලා තියෙනවා.මේක සිනමාපටයක්….මේ සිනමාපටයේ නම “මන්කි කින්ඩම්“.කාටුන් නිර්මාණ ක්ෂ්‍රේත්‍රයේ මහගෙදර වු ඩිස්නි සමාගමේ නිර්මාණයක් වු මෙම චිත්‍රපටය කතාකරන්නේ වනගත රාජධානියක හැදෙන රිලවුන් රංචුවක් ගැනයි.

මායා කියන්නේ මේ වඳුරු රැලේ ඉන්න එක් වැඳිරියක්.ඇයගේ ජිවිතයට අලුත් සමාජිකයෙක් එක් වෙනවා.ඒ කියන්නේ ඇගේ දරුවා.ඇයට ඇගේ දරුවා ලැබීමත් සමඟ වෙනදා ගත කරපු ජිවිතය සැහෙන්න දුරකට වෙනස් කරගන්න සිදුවෙනවා.ඇය වෙනදාට වඩා පරිසරය ගැන සැලකිලිමත් වෙනවා.පරිසරයෙන් එන විවිධ උවදුරු ගැන සැලකිලිමත් වෙනවා…මේ කතාව පටන් ගන්නේ ඔන්න ඔතනින්.මාක් ලින්ග්ෆීලඩ් අධ්‍යක්ෂණය කරපු මෙම සිනමාපටය සංගීතවත් කරන්නේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වු හෑරී ග්‍රෙග්සන් විලියම්ස් විසිනි.ඇමරිකා එක්සත් ජනපදයේ මේ වසරේ අප්‍රේල් මස 17 වෙනිදාත් ශ්‍රී ලංකාව හා කොලොම්බියාවෙත් එම මස 23වනදාත් මේ චිත්‍රපටය මුල් වරට තිරගත කරනවා



විශ්මිතබල්ලන්ට පුළුවන්ලු සතුටෙන් හා දුකෙන් ඉන්න මිනිසුන්ව හඳුනාගන්න

                              


ළමු වතාවට පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ බල්ලන්ට මිනිසුන්ගේ ප්‍රීතිමත් මුහුණු සහ තරහෙන් පසු වන මුහුණු වෙන වෙනම හඳුනාගත හැකි බවයි. ඒ වගේම මේ පර්යේෂණයට අනුව බල්ලන්ට ඒ අවස්ථාව හා සම්බන්ධව පැවති අපේ මුණේ ඉරියව්ව ද මතක හිටින බවයි. මේ හැකියාව දීර්ග කාලයක් පුරා බල්ලන් නිවෙස් වල හැදී වැඩීමේ ප්‍රතිපලයක් ලෙසට සැලකිය හැක.
මේ පර්යේෂණය සඳහා සුනඛයන් 9ක් යොදාගෙන තිබෙන අතර ප්‍රීතිමත් හා ශෝකයෙන් සිටින මුහුණු වල කොටස් touchscreen එකක් මත පෙනීමට සලස්වා තිබෙනවා. එක කණ්ඩායමක් ප්‍රීතිමත් මුහුණු තේරීමට පුහුණු කෙරුණු අතර එම අවස්ථාවේදී ඔවුනට ආහාරයක් ලබාදෙන ලදී. අනෙක් කණ්ඩායම පුහුණු කෙරුනේ තරහ ගිය මුහුණු තේරිමටයි. පුහුණු කාලයෙන් අනතුරුව, මෙම සුනඛයන්ට 70% – 80% අතර සම්භාවිතාවයකින් නිවැරදි ලෙස මුහුණු තේරීමට හැකි වූ බව පෙනී ගිය බව මෙම පර්යේෂණය


මෙයට සමාන වෙනත් පර්යේෂණ අතීතයේත් සිදුකර ඇති අතර එම අවස්ථා වලදී සම්පුර්ණ චායාරූප පෙන්වීමක් සිදු කෙරුණු අතර ඇතැම්විට සුනඛයන් මුහුණේ ඉරියව් වෙනුවට පින්තුරයේ යම් කිසි ලක්ෂණයක් වෙත අවධානය යොමු කරන්නට ඇති බවටත් මත පල කෙරෙනවා. එසේත් නැතිනම් දත් දිහා බලලා අඳුනාගැනීම සිදු කරා කියල සරලව හිතන්නත් පුළුවන්.
මේකට පිලියමක් ලෙස අලුත් පර්යේෂණයේදී සම්පුර්ණ මුහුණට අමතරව එක් එක් කොටස් වෙන වෙනම හඳුනාගැනීමේ හැකියාවත් පරික්ෂා කෙරුණා. දත් දිහා බලලා මුණ අඳුරගත්තා නම් ඔව්න්ට සතුටු හෝ තරහ ගිය මුහුණු ඇස වලින් අඳුරගන්න ලැබෙන්නේ නෑ . එතුමා වැඩි දුරටත් පවසා සිටියේය. කොහොමහරි වෙන වෙනම කොටස් දීලත් අන්තිමේදී 70% 80%ක් වගේ සම්භාවිතාවයකින් මුණු අඳුරගත්තා.
“ඒගොල්ලෝ තේරුම් ගන්න ඇති මුහුණේ තියන හිනාව ඇස් වලින් පේනවා වගේම තරහ ගියාමත් ඇස් වලින් වගේම කටිනුත් ඒක පේනවා කියල ” Muller මහතා පවසා සිටියා.
ඒවගේම මුහුණේ හැඟීම් එකකට වඩා සුනඛයන්ට අඳුරගන්න පුළුවන් කියන එකකටත් ඉඟි ලැබුනු බව Muller මහතා පවසා සිටියා.