Tuesday, April 21, 2015

තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට – නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න

තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න


World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.
ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව 32 ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථානයි හිමිකරගෙන තිබෙන්නේ.
කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බවයි නවතම වාර්ථා වලින් පෙනී යන්නේ. උදාහරණයක් හැටියට ඉන්දියාව, පකිස්ථානය, චීනය වැනි රටවල් වල අන්තර් පරිභෝජනය, සමාජ ජාල භාවිතය, ජංගම දුරකථන පරිභෝජනය වැනි විවිධ නිර්ණායක ගණනාවකින්ම ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් සිටිනු දැකිය හැකියි.
ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා හිමිව ඇත්තේ 13 ස්ථානයයි. එමෙන්ම ලොව අඩුම පෙර ගෙවුම් ජංගම දුරකථන ගාස්තු ඇති රටවල් අතරත් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇත.
ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 95.5%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් 16.4% වනවා.
තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමිව ඇත. මේ සීග්‍ර දියුණුව උදෙසා ලංකාවේ ICTA ආයතනයේ මෙහෙය අගය කළ යුතුයි.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home