Tuesday, March 24, 2015

වොෂින්ටනයේ DJI ඩ්‍රෝන් යානා යැවීම තහනම්

drone-crashed-at-white-house-secret-service

 
DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනු අවස්ථාත් සුලබයි. හැබැයි පසුගිය දවසක ඇමරිකාවේ ධවල මන්දිරය අසලට කඩා වැටුණු DJI Phantom යානය නිසා නම් DJI ආයතනයට ලොකු ප්‍රශ්ණවලට මුහුණු දෙන්න සිදුවුනා. ඒ අනුව මින් පසු වොෂින්ටනයේ ධවල මන්ධිරයේ සිට සැතපුම් 15.5 ක දුරක් යන තෙක් drone යානා පියාසැරවීම තහනම්. ඒ වගේම ඒ ප්‍රදේශයට පියාසැරීමට නොහැකි වන පරිදි DJI Phantom 2 යානයේ මෙහෙයුම් මෘදුකාංගය සඳහා අනිවාර්ය යාවත්කාලීනයක් (update) නිකුත් කිරීමටත්  DJI සමාගම කටයුතු කලා. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය වුනත් ඔන්න දැන් ධවල මන්දිරය පැත්තට drone යානා යවන්න බැහැ.
ඉතින් අපි මෙහේ ඉඳන් ඔච්චර දුරක් drone එකක් යවනවද කියලා ඔයාලට හිතෙන්න ඇති නේද? ඒක ඇත්ත, ඒත් මේ ආරංචිය කිව්වේ දවසින් දවස අහසේ පියාසර කරන drone යානා ගණන දහස් ගණනින් වැඩි වෙද්දී ඒවාට නීති රීති පද්ධතියක් නිකුත් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියන්නයි. ඒ වගේම drone යානා යවන්නත් බලපත්‍රයක් ගන්න වෙන දිනය වැඩි ඈතක නෙවෙයි.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home