ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි තැන Huawei ට
ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි. Huawei 2014 අවසන් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළින් 18% ක් අත් කර ගනී.
2015 මාර්තු 11 වෙනි දා – ශ‍්‍රී ලංකාවේ, කොළඹ දී: ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසදුම්සැපයුම් ආයතනයක් වන Huawei, 2014 අවසන් කාර්තුවේ ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවිසමාගම් අතරින් දෙවෙනි ස්ථානය අත් කර ගත් බවට ජාත්‍යන්තර දත්ත සංස්ථාව (IDC) නිවේදනය කරන ලදි.
වාර්තාවට අනුව සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළෙන් 18% ආසන්න ප‍්‍රමාණයක් Huawei සමාගම අත් කර ගෙන ඇත. Huawei නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදු කරන්නේ මෙරට විශ්වාසය දිනූ සිංගර් සමාගම බැවින් Huawei නාමය සඳහා ප‍්‍රධාන නඟර සහ උඩරට වෙළෙදපොළවල්වලින් හොඳ ඉල්ලූමක් පවතින බවට මෙම වාර්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
Huawei සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු
Huawei සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පැවසුවේ ය. ‘‘ස්මාර්ට්ෆෝන් කාණ්ඩයේ නායකත්වය කරා ගමන් කරන සමාගමක් ලෙස අපි IDC විසින් අපට ලබාදුන් ස්ථානය පිළිබඳව ඉතාමත් සතුටු වන්නෙමු. පසුගිය වසරේ අපගේ සන්නම් නාම තේමාව වූ ‘Make It Possible’ යන්න ස්ථාපිත කරමින් උසස් තත්ත්වය, ඉහළ අත්දැකීම් සහ විශිෂ්ට සේවාව සමඟ පිළිගත් සන්නම් නාමයක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගීමෙහිලා වූ අපගේ ප‍්‍රධාන උපායමාර්ගය කෙරේ අඛණ්ඩව අවධානය යොමු කිරීම මෙම ජයග‍්‍රාහනය තුළින් මනාව පැහැදිලි වේ.’’
Huawei සමාගමේ අලෙවිකරණ අංශ ප‍්‍රධානී ස්ටැන්ලි මැස්කරේනස්
Huawei සමාගමේ අලෙවිකරණ අංශ ප‍්‍රධානී ස්ටැන්ලි මැස්කරේනස් මහතා මෙසේ පැවසුවේය. ‘‘ශ‍්‍රි ලංකාවේ ඉහළ අලෙවියක් පවතින ස්මාර්ට්ෆෝන් මාදිලි අතර Honor 3C, Huawei ඇසෙන්ඞ් P7 සහ Huawei මේට් 7 ඇතුළත් වේ. සන්නම් නාමය සහ එය භාවිත කරන්නන් අතර හැඟීම්බර සම්බන්ධතාවයක් ගොඩනඟමින් සහ සිංගර් හරහා අපි පිරිනමන ඉහළ සහයෝගය සහ දීපව්‍යාප්ත බෙදාහැරීම පරිපූර්ණ සන්නම් නාමයක් ලෙස Huawei නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත කිරීමට සමත් වේ.’’

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home