ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන හැටි මෙන්
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධව මේ දිනවල දැඩි කතා බහක් මතුව තිබේ. ඒ ඊට කිසිදු බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීමත් සමගය. පසුගිය (17)දා පැවැති ජාතික විධායක සභාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නායක මනෝ ගනේෂන් මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඒ අනූව එය චක්‍රලේඛයක් මගින් සියලූ රාජ්‍ය ආයතන වෙත දැනුම්දෙන බවද ඔහු පවසා ඇත.
2010 වසර දක්වාම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණු අතර එම වසරේදී හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවක් අනූව මේ සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබුණි. ඒ අනූව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පසුගිය වසර කිහිපය තුළ නතර වී තිබිණ. ජනාධිපතිවරයාගේ නව තීරණයත් සමග එය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාව උදාවෙයි. කෙසේ වුවද විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත් උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයත් ඊට විරෝධය පළ කර තිබේ.
Sinhala Lyrics of the National Anthem
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
Tamil lyrics of the National Anthem
ஸ்ரீ லங்கா தாயே – நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே – நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே – நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே – நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන අයුරුය.
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home