Tuesday, January 20, 2015

2013 Apple Mac Pro – මීලඟ පරම්පරාවේ සුපිරි පරිගණකය

2013 Apple Mac Pro – මීලඟ පරම්පරාවේ සුපිරි පරිගණකය


DETAILS
 
MANUFACTURER
PRICE RANGE
PRICE
මේ Mac Pro 2013 නව පරිගණකය දැන් ඔබට Future World හරහා ලංකාවේදී මිලදී ගත හැකි වේ. ඒ අනුව Mac Pro $ 2,999 ක් වන 3.7GHz quad-core Xeon processor, 12GB of RAM, dual FirePro D300 graphics, සහ 256GB SSD සහිත පරිගණකයක් රු 460 000කට ද, Apple වෙබ් අඩවියේ $3,999 ක් ලෙස මිල සටහන් වන 6-core CPU, dual FirePro D500s, සහ 16GB of RAM සහිත සංස්කරණය රු 590 000කට ද මිලදී ගත හැක. මේ මුදල Mac Pro පරිගණකය සඳහා පමණක් වන අතර Monitor, Key Board, Mouse වැනි සියළුම අමතර උපකරණ සඳහා තවත් මුදලක් වැය කිරීමට සිදුවේ.
PLATFORMS
Mac OS X
YEAR MANUFACTURED
2013
EDITOR RATING
 
FEATURES
9.2
 
DURABILITY
7.7
 
COMPATIBILITY
6.5
 
VALUE
6.4
 
HARDWARE
8.3
TOTAL SCORE
7.6
HOVER TO RATE
USER RATING
 
FEATURES
7.5
 
DURABILITY
6.6
 
COMPATIBILITY
7.4
 
VALUE
6.6
 
HARDWARE
7.5
USER SCORE
25 RATINGS
7.1

 
Apple සමාගමේ අලුත්ම නිපැයුම වන Apple Mac Pro පරිගණකය අද සිට වෙළඳපලට නිකුත් වුණා. මීට මාස කිහිපයකට ප්‍රථම එළදැක්වුණු මේ සුපිරි පරිගණකය, එහි ඇති සුවිශේෂි පෙනුම නිසාම බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ උපකරණයක් වුණා.මේසය මත තබන කුඩා ප්‍රමාණයේ කෝපි බඳුනක හැඩැති Apple Mac Pro 2013 පරිගණකය නවතම Intel Xeon E5 ප්‍රොසෙසරයෙන් බලගැන්වේ. 64GB දක්වා ඉහළ නැංවා ඇති RAM මතකය හා 6GB AMD FirePro වීඩියෝ මතකය (VGA) ක් සහිත මේ සුපිරි පරිගණකයේ 1TB ප්‍රමාණයේ PCI Express SSD (Solid-State Drive) කින්ද සමන්විතයි.
mac_pro_early_09_open
පැරණි Mac Pro පරිගණකය
මේ සිලින්ඩරාකාර පරිගණකය ප්‍රමාණයෙන් කුඩා නමුත් ඒ තුල අන්තර්ගත පරිගණක උපාංග වල ප්‍රභලත්වය නිසාම සම්පූර්ණ උපකරණයේ උෂ්ණත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට apple සමාගමට සිදුවී ඇත. සියළුම ඉලෙක්ට්‍රොනික උපාංගවල උෂ්ණත්වය එකවර පාලනය කල හැකි වන සේ මධ්‍යගත උෂ්ණත්ව පාලන පද්ධතියක් මෙහි අඩංගු වේ. මීට පෙර නිකුත් වූ Apple Mac Pro පරිගණක සියල්ලම වාගේ අති විශාල ඇලුමිනියම් ආවරණයක් සහිතව නිමවා තිබුණු නමුත් මෙතෙක් අතහැර දමා තිබූ Apple Mac Pro පරිගණකයට නව ජීවයක් ලබා දෙන උපකරණයක් ලෙස 2013 Mac Pro පරිගණකය හැඳින්විය හැක.
වෙළඳ පොලෙන් මිලදී ගත හැකි සාමාන්‍ය ඩෙක්ස්ටොප් පරිගණකයක් මෙන් නොව වැඩි වේගයක් හා වැඩි ධාරිතාවක් සහිතව නිමවා ඇති මේ පරිගණකයේ මිලද සාමාන්‍ය පරිගණක හා සසඳන කළ බොහෝමත්ම ඉහළයි. 3.7GHz quad-core Xeon processor, 12GB of RAM, dual FirePro D300 graphics, සහ 256GB SSD සහිත පරිගණකයක් $2,999කටද 6-core CPU, dual FirePro D500s, සහ 16GB of RAM සහිත සංස්කරණය $3,999 ලෙසින් මිල කර ඇත. නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය වන OS X Mavericks මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මේ පරිගණකය සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ දී නිපදවා ඇති අතර දැනට Apple වෙබ් අඩවිය හරහා හෝ Apple වෙළඳපළවල් වලින් පමණක් මිලදී ගත හැක.
දැනට ලංකාව තුල බොහෝ විට වීඩියෝ හෝ ත්‍රිමාණ සජීවීකරණ සඳහා පමණක් Mac Pro පරිගණක භාවිතකරන නමුත් Mac Pro පැරණි සංස්කරණයක් වුවත් මිලදී ගැනීමට ලංකාවේ මුදලින් ලක්ෂ 3කට ආසන්න ගණනක් වැය කිරීමට සිදුවේ. ඒ අනුව දැනට ලංකාවේදී මිලදී ගැනීමට හැකියාවක් නොමැති Apple Mac Pro 2013 පරිගණකය, ලංකාවේදී මිලදී ගැනීමට හැකි වන විට අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න මිලක්වත් වනු ඇති බවයි මාගේ මතය.
UPDATE: මේ Mac Pro 2013 නව පරිගණකය දැන් ඔබට Future World හරහා ලංකාවේදී මිලදී ගත හැකි වේ. ඒ අනුව Mac Pro $ 2,999 ක් වන 3.7GHz quad-core Xeon processor, 12GB of RAM, dual FirePro D300 graphics, සහ 256GB SSD සහිත පරිගණකයක් රු 460 000කට ද, Apple වෙබ් අඩවියේ $3,999 ක් ලෙස මිල සටහන් වන 6-core CPU, dual FirePro D500s, සහ 16GB of RAM සහිත සංස්කරණය රු 590 000කට ද මිලදී ගත හැක. මේ මුදල Mac Pro පරිගණකය සඳහා පමණක් වන අතර Monitor, Key Board, Mouse වැනි සියළුම අමතර උපකරණ සඳහා තවත් මුදලක් වැය කිරීමට සිදුවේ.
පහතින් දැක්වෙන්නේ Apple Mac Pro 2013 නිමැවුණු අයුරු පිලිබඳව සැකසුනු වීඩියෝ පටයක්.mac-pro-2013
ඉදිරි හා පසු පෙනුම
mac-pro-10
මධ්‍යගත සිසිලන පද්ධතිය
VRG_6478_large_verge_medium_landscape
එලිදැක්වූ අවස්ථාවේදී ගන්නා ලද ජායාරූපයක්
lucas-gilman-mac-pro-sm
තිරයකට සම්බන්ධ කර ඇති විටApple---Mac-Pro---Technical-Specificaktions

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home