Monday, January 19, 2015

චීන හැකරුන් පෙන්ටගනයෙන් ටෙරා බයිට් 50ක දත්ත සොරා ගනී…

             චීන හැකරුන් පෙන්ටගනයෙන් ටෙරා බයිට් 50ක දත්ත සොරා ගනී…



චීනය හැකරුන් විසින් සොරාගනු ලැබූ ඇමරිකානු F-35 ඒකාබද්ධ ප‍්‍රහාරක යානාවේ සැලසුම් පිටපත් දත්ත ප‍්‍රමාණය ටෙරා බයිට් 50ක පමණ දැවැන්ත තොරතුරු සම්භාරයක් බව අනාවරණය වී තිබේ.
මේ තොරතුරු හෙළිවී ඇත්තේ හිටපු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ලබාදුන් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ රහස් ලේඛන මගිනි.
මෙම සයිබර් ප‍්‍රහාරකයින් චීන රජය විසින් මෙහෙයවනු ලැබූ බව ඇමරිකානු නිලධාරීන්ගේ විශ්වාසය වන අතර 2007දී සිදුවූ මෙම සිදුවීමෙන් චීනයට වසර 25ක පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉතිරිවූ බව ඇමරිකානු නිලධාරියෙකු විසින් 2013දී වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසන ලදී.
ටෙරාබයිට් කිහිපයක දත්ත සොරාගනු ලැබූ බව මින් පෙර පළවූ වාර්තාවල දැක්වුනත් ස්නොව්ඩන් අනාවරණ විසින් එහි සැබෑ තත්වය හෙළිකර තිබේ.
සොරාගනු ලැබූ දත්ත චීනය විසින් තමන්ගේ ප‍්‍රහාරක යානා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට යොදාගෙන ඇතැයි පැවසේ.
කෙසේවෙතත් ස්නොව්ඩන් වාර්තා වලින් හෙළිවූ පුවත බෙයිජිං පාලනාධිකාරිය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වේ.
චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක හොන් ලෙයි පවසා ඇත්තේ මෙය පදනම් විරහිත චෝදනාවක් බවයි.  F-35 යානයේ සැලසුම පමණක් නොව චීනය විසින් පෙන්ටගනයෙන් ඒජීස් බැලස්ටික් මිසයිල ආරක්‍ෂණ පද්ධතිය, වෙරළාශි‍්‍රත සංග‍්‍රාම නෞකාවන් සහ රේල් තුවක්කු ආදර්ශයන් ආදී දියුණු අවි පද්ධති ගණනාවක තොරතුරු පැහැරගෙන ඇති බව පැවසේ.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home