ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට සිංහල ස්ථාපනය කිරිම ( install sinhala font for android )
ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට සිංහල ස්ථාපනය කිරිම ( install sinhala font for android )
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ වෙබි අඩවිය මගින් හා අපගේ Facebook පිටුව මගින් බොහෝ දෙනෙක් අපෙන් අහපු ප්‍රශ්ණයක් තමයි, කොහොමද ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහා සිංහල ස්ථාපනය කරන්නේ කියන ඵක. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට කියලා දෙන්න යන්නෙ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට නිවැරදීව සිංහල ස්ථාපනය කරගන්නා ආකාරයයි.මෙසේ සිංහල ස්ථාපනය කිරිමෙන් පසු Facebook App / (Opera Mini / google chrome / සිංහල උපසිරැසි, ආදි ඕනෑම මෘදුකාංගයක්, ගොනුවක් සදහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ සාර්ථකව සිංහල අකුරැ දර්ශණය වනු ඇත.
පියවර 01.
ජංගම දුරකථනය මූල (ROOT) කරගන්න. (ජංගම දුරකථනය පහසුවෙන්ම මූල (ROOT) කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි ලෙස පලකල ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න)
පියවර 02.
DroidSansFallback.ttf (Font) ගොනුව බාගතකර , DroidSansFallback.ttf ගොනුව ජංගම දුරකථනයට පිටපත් (Copy) කරගන්න.
පියවර 03.
Root Explorer v3.1.4 APK මෘදුකාංගය බාගතකර ස්ථාපන කර (a) රෑපය පරිදි Root Explorer විවෘත කරගන්න
(a)
පියවර 04.
Root Explorer මගින් පහත (b) රෑපයේ දක්වා ඇති පරිදි ඔස්සේ දුරකථනයේ මතක ධාරිතාවයට (SD Card) ගොස් පියවර 02 පිරිදි පිටපත් (Copy) කරගත් DroidSansFallback.ttf (Font) ගොනුව තෝරා (c) රෑපය පරිදි (Move) කරගන්න.
(b)
(c)
පියවර 05.
ඉන් පසු (d) රෑපයේ පරිදි (ROOT) ඔස්සේ දුරකථනයේ මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය කර ඇති ගොනු තුලට ගොස් system ගොනු තුල ඇති Font ගොනුව තුලට ගොස් (f) රෑපය පිරිදි ( MOVE HERE ) යන්න ලබා දෙන්න.
(d)
(e)
(f)
පියවර 06.
දුරකථනය ක්‍රියා විරහිත කර නැවත පණගන්වන්න. (Reboot) , ( ඔබගේ ජංගම දුකරථනයට සාර්ථකව සිහල ස්ථාපනය වී ඇත්දැයි සැකහැර දැනගැනීමට දුරකථනය අන්තර්ජාලය හා සමිබන්ධ කොට සිංහල වෙබි අඩවියකට හෝ FACEBOOK හි සිංහල ලිපියක් නරඹන්න (g) (h) (i) රෑප වල පරිදි පැහැදිලිව සිංහල දර්ශණය වනු ඇත.)
(g) රෑපය (Facebook App)
(h) රෑපය (Opera Mini)
(i) රෑපය (google chrome)
posted by Unknown @ 1:43 AM
0 Comments
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home