අන්තර්ජාලයේ අදහස් පළකිරීමේ බාධා ඉවත් කෙරෙයි

බලධාරීන් විසින් අපහාසාත්මක යැයි තීරණය කරනු ලබන අදහස් දැක්වීම් අන්තර්ජාලය තුළ පළකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පැවරෙන මතභේදයට තුඩු දෙන නීතියක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කොට කොට තිබේ.
මෙම පැවති නීතිය අනුව සමාජ මාධ්‍ය ජාල සහ අනෙකුත් වෙබ් අඩවි තුළ පළ කෙරෙන එවැනි අදහස් දැක්වීම වලට පුද්ගලයෙකුට වසර තුනක් දක්වා වූ කාලයක සිර දඬුවම් නියම කිරීමේ හැකියාව ලබා දී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පැවසුවේ 66 A නමින් හැඳින්වෙන, ඉන්දියානු තොරතුරු තාක්ෂණ පනතට 2009 වසරේ දී කළ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී වන අතර නිදහස් භාෂණයට සීමා පැනවීමක් කර ඇති බවයි.
අන්තර්ජාලය තුළ දේශපාලන කාටූන් චිත්‍ර හෝ අදහස් පළකිරීම හා අන්තර්ජාල වාරණය පිලිබඳ දරුණු විවාදයක් ඇතිකිරීම හේතුවෙන් මෑත කාලයේ දී ඉන්දියාව තුළ පුද්ගලයන් කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගනු ලැබිණ.
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home